Bhikkhu International

උත්තරීතර සංඝ සභාව - Supreme Sangha Council

උත්තරීතර සංඝ සභාව යනු ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා අඩු තරමින් පන්සිය නමකගේ එකමුතුවකි. එම සභාවේ අරමුණු වනුයේ බුදු සසුන පිළිබඳ කාලීනව මතුවන ගැටලු සමනය කරගැනීම පිණිසත් බුදු සසුනේ චිරස්ථිතිය පිණිසත් අන් භික්ෂූන් වහන්සේලාගේ ද නියෝජිතයින් වශයෙන් කටයුතු කරමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සහ රජය ඇතුලු ගිහි පැවිදි දෙපාර්ෂවයටම සුදුසු මඟ පෙන්වීම් කිරීමයි.

කෙසේ භික්ෂූන් වහන්සේලා එපමණ ප්‍රමාණයක් තෝරා ගත යුතු ද, එම සංඝ සභාව පවත්වාගෙන යන්නේ කවරාකාරයෙන් ද ආදී කාරණා සාකච්ඡාවෙන් විසඳා ගැනීම වටී. ඊට sangayana.org  වෙබ් අඩවියේ සාකච්ඡා මණ්ඩපයේ "උත්තරීතර සංඝ සභාවක් ඇතිකරලීම" මාතෘකාව යටතේ ඉඩ පවතියි.